34 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

රනිල් ආවට පස්සේ අනුරලා ගියේ එක පෙළපාළියයි

Must read

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත් වූ පසු ජවිපෙ පෙරටුගාමී විරෝධතා පෙළපාළි නැත්තට ම නැති වී ඇතැයි හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසයි.

ඊට පසු ජවිපෙ කැඳවූයේ එකම පෙළපාළියක් බවත් එය ද කොළඹට සෙනඟ නොඑන ඉරිදාවක් බවත් හෙතෙම පෙන්වා දෙයි.

ජවිපෙ දැන් මගී ජනතාවට වන අපහසුතා පිළිබඳ පවා සැලකිලිමත්ව විරෝධතා සංවිධානය කරන බවයි, විමල් වීරවංශ ප්‍රකාශ කළේ.

නවය: සැඟවුණු කතාව බදුල්ල සම්මන්ත්‍රණයට එකතු වෙමින් ඔහු පෙන්වා දුන්නේ අනුර දිසානායක රනිල් පැමිණීමට පෙර එක බණක් ද රනිල් පැමිණි පසු එක බණක් ද දේශනා කරන බවත් එය ඇට නැති දිවේ හැටි බවත්ය.

More articles

Latest article