28 C
Colombo
අඟහරුවාදා, මාර්තු 26, 2024

ළමුන් අතර ඉන්ෆ්ලුවන්සා සහ වෛරස් රෝග ව්‍යාප්තියක්

Must read

මේ දිනවල ළමුන් අතර බහුලව ඉන්ෆ්ලුවන්සා සහ ඊට සමාන වෛරස් රෝගී තත්ත්වයක් දක්නට ලැබෙන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ අඛණ්ඩව දින තුනක් හෝ හතරක් උණ පවතින්නේනම් කඩිනමින් ප්‍රතිකාර සඳහා යොමුවිය යුතු බවය.

බොහෝ කුඩා ළමුන් අතර මෙම රෝගය පැතිර යාමේ අවධානමක් ද පවතින බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේය.

“මේ දිනවල ළමුන් අතර වෛරස් උණක් පැතිරුණා. මේකේ රෝග ලක්ෂණ විදියට කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, වමනය සහ ඇස්වලින් කබ ගැලීම සහ සමහර අයට බඩඑළිය යෑම වගේ රෝග ලක්ෂණ තමා අපි දැක්කේ. සමහර අයට ඉන්ෆ්ලුවන්සා රෝගය පොසිටිව් වුණා. සමහර අයට පොසිටිව් වුණේ නෑ. හැබැයි ඉන්ෆ්ලුවන්සා රෝග ලක්ෂණ තිබුණා. පසුකාලීනව දිගටම පවතින කැස්සක් ළමයි අතර පවතිනවා. ඒ නිසා මේ දවස්වල උණ තියෙනවා නම් කැස්ස, හෙම්බිරිසාව සමඟ ඉන්ෆ්ලුවන්සා වෙන්නත් පුළුවන්. විශේෂයෙන්ම ඇස්වලින් කබ ගලනවා වෛරස් උණක් වෙන්න පුළුවන්. රෝග ලක්ෂණ තියෙනවා නම් පාසල්වලට, මොන්ටිසෝරිවලට හා දිවා සුරැකුම් මධ්‍යස්ථානවලට යවන්න එපා.”

More articles

Latest article