34 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

උද්ඝෝෂණ මාර්ගයෙන් කඩාකප්පල් කරන්න යනවා තදින් ක්‍රියාකරනවා – ජනපති

Must read

අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සෑමකෙනෙකුට ම හිමි වුවත් උද්ඝෝෂණ පවත්වමින් රටේ ආර්ථිකය කඩාකප්පල් කිරීමට උත්සාහ ගන්නා අයට විරුද්ධව ආණ්ඩුව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපතිවරයා පවසයි.

“මේ රටේ ජනතාව විඳින අපහසුකම් මම දන්නවා. ඒ ගැන විශේෂයෙන්ම මම ආණ්ඩුව

අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අපි පිළිගන්නවා. ඒ වගේම සාමකාමීව ඒ පිළිබඳ වැඩකටයුතු කරන්න රැස්වීම් පවත්වන්න, පෙළපාළි පවත්වන්න කිසිම ප්‍රශ්නයක් නෑ. ඒත් උද්ඝෝෂණ මාර්ගයෙන් මේවා කඩාකප්පල් කරන්න යනවා නම් ඒ පිළිබඳව ආණ්ඩුව තදින් ක්‍රියාකරනවා. ජූලි 9 වනදා රට කඩා වැටුණා නම් අද මේ තත්ත්වය නෑ. අද ඩොලර් එකත් පහළට යනවා. අපේ විශාල හිඩසක් ඇති වුණා. කාගේවත් සහායක් තිබුණේ නෑ. මම ත්‍රිවිධ හමුදාවට හා පොලීසියට ස්තූතිවන්ත වෙනවා. ඒ පියවර නිසා අද අපිට තෙල් තියෙනවා. අද විදුලිබලය තියෙනවා. වැඩිකල් යන්න කලින් ඩොලර් තියෙයි. බලවේගවලට මේවා කඩන්න අපි ඉඩදෙන්නේ නෑ. විපක්ෂයෙන් ඉල්ලනවා අපි එක්ක එකතු වෙන්න. මේ ගමන යන්න ආර්ථිකය ගොඩ ගන්න. ඊළඟ ඡන්දේ තීරණය කරන්න මහමැතිවරණයේදී කවුද ඕනේ කියලා.”

අද (07) පාර්ලිමේන්තුවේ දී ආර්ථිකය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ, ජූලි 9 වනදා රට කඩා වැටුණා නම් අද මෙලෙස රට ගොඩනැගීමට අවස්ථාවක් නොමැති බවය.

More articles

Latest article