28 C
Colombo
අඟහරුවාදා, මාර්තු 26, 2024

කළුතර සිසුවියගේ මරණයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

Must read

අභිරහස් ලෙස මිය ගිය කළුතර පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට.

මෙසේ අත්අඩංගුවට පත් වුණේ, කළුතර ඉසුරු උයනේ පදිංචි ධනුෂ්ක ගයාන් සහබන්දු නමැති 29 හැවිරිදි විවාහක පුද්ගලයෙකි. ගෝල්ෆේස් අරගලයට සක්‍රීය දායක වී සිටි ඔහු, මැයි 9 කළුතර සිදුවූ ප්‍රචන්ඩ ක්‍රියා ගණනකට සම්බන්ධ පුද්ගලයෙක් බව හෙළිව තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිතය.

මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනුණු සෙසු සැකකරුවන් තිදෙනා මැයි මස 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

කළුතර සිරිකුරුස හන්දිය ප්‍රදේශයේ හෝලයක් පිටුපස දුම්රිය මාර්ගයක තිබියදී අභිරහස් ලෙස මියගිය 16 හැවිරිදි පාසල් සිසුවියකගේ නිරුවත් මළ සිරුර හමුව තිබුණේ මැයි 06 වැනිදා රාත්‍රියේය.

More articles

Latest article