32 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

යුද ජයග්‍රහණයට වසර 14ක්

Must read

දශක තුනක කාලයක් මෙරට පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත් කර අදට (18) වසර 14ක් සපිරේ.

2009 වසරේ මැයි 18 වනදා නන්දිකඩාල් කලපුවේදී එල්.ටී.ටී.ඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් රණවිරුවන් අතින් ජීවිතක්ෂයට පත්වීමත් සමඟ එතෙක් පැවති කුරිරු යුද්ධය නිමාවට පත් කෙරුණි.

ලොව විශාලතම මානුෂිය මෙහෙයුම මඟින් ප්‍රාණ ඇපයේ සිටි සිවිල් වැසියන් දහස් ගණනක් එල්.ටී.ටී.ඊ ග්‍රහණයෙන් මුදාගැනිමේ ගෞරවය ද මෙරට ආරක්ෂක අංශ වෙත හිමි වේ.

එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මානුෂීය මෙහෙයුම සඳහා නායකත්වය දුන් අතර ආරක්ෂක ලේකම්වරයා ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කළේය.

මේ අතර යුද ජයග්‍රහණය සැමරීම සඳහා වන රණවිරු සැමරුම් උත්සවය හෙට (19) පස්වරු 4.00ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල රණවිරු සැමරුම අභියසදී පැවැත්වීමට නියමිතව තිබේ.

More articles

Latest article