අරගලයේ ක්රියාකාරිකයකු බව කියන මවුලවිවරයකුව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මූලස්ථානය අසල ඉකුත් ජූනි 9 දා පැවති උද්ඝෝෂණයක් අතර වාරයේදී රජයේ දේපොළවලට හානි කරමින් කලහකාරි ලෙස හැසිරීම සහ නීති විරෝධි රැස්වීමක සාමාජිකයකු වීම යන චෝදනා මත ඔහුව අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් තොරතුරු සඳහන් කළේය. බේරුවල පදිංචිකරුවකු වන මේ මවුලවිවරයාව අත්අඩංගුවට ගෙන ඇත්තේ මාලිගාවත්තේ සිය තෙවැනි බිරියගේ නිවෙසේ රැඳී සිටියදී බව පොලිසිය සඳහන් කරයි.
හතළිස් හතර වියැති මේ මවුලවිවරයා මුස්ලිම් ආගමික පූජකවරයකු බව පැවසුවත් තමා පූජකයකු ලෙස කටයුතු කරන දේවස්ථානය කුමක් දැයි කියන්නට ඔහු අසමත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.