31 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 20, 2024

කොළඹ තරු හෝටලයක අරගලකරුවන් බලෙන් රැඳී සිටියැයි පොලිසිය විමර්ශනයක් අරඹයි

Must read

කොළඹ තරුපන්තියේ හෝටලයක අරගලකරුවන් පිරිසක් පසුගිය කාලයේ බලහත්කාරයෙන් රැඳ සිටීමක් සම්බන්ධයෙන් ලැබී ඇති තොරතුරක් ගැන බුද්ධි අංශයේ සහාය ඇතිව පොලිස් විමර්ශනයක් ආරම්භ වී තිබේ.

අදාළ හෝටලයේ කළමනාකාරීත්වයෙන් ඒ ගැන පොලිස් කණ්ඩායමක් කිහිප විටකම විමසා ඇතත් ඒ අය ඒ සම්බන්ධයෙන් නිසි තොරතුරු ලබා නොදුන් බව උසස් පොලිස් පොලිස් නිලධාරියෙක් පැවසීය. අරගලකරුවන් පිරිසක් අදාළ තරුපන්තියේ හෝටලයේ කාමර තුනක රැඳ සිටි බවත් ඒ පිළිපඳ බුද්ධි අංශයේ ද සහාය ඇතිව පරීක්ෂණ පැවැත්වෙන බව එම නිලධාරියා සඳහන් කළේය. අදාළ හෝටලයේ කළමනාකරුවන් කිසිවක් ප්‍රකාශ නොකරනුයේ ඇතැම් විට ඔවුන්ට කරදරයක් වේවි යැයි ඇති බිය නිසා වන්නට ඇතැයි ද එම නිලධාරියා පැවසීය. මේ සම්බන්ධයෙන් පොලීසිය නිසි තොරතුරු සොයා බැලීමකින් පසු හෝටලයේ ආරක්ෂක කැමරා පද්ධතියද පරීක්ෂාකර වැඩිදුර විමර්ශන සිදු කිරීමට පියවර ගන්නා බව එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

More articles

Latest article