25 C
Colombo
ඉරිදා, අප්‍රේල් 14, 2024

ජනපතිගේ පෞද්ගලික නිවසට ගිනි තැබු තිදෙනෙක් අත්අඩංගුවට

Must read

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට අනවසරයෙන් ඇතුළු වී ගිනිතබා දේපළ හානිකිරීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ විමර්ශනවලින් පසුව සැකකරුවන් තිදෙනා ඊයේ (01) රාත්‍රියේ පිළියන්දල සහ නාරාහෙන්පිට ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් 18 සහ 22 හැවිරිදි වියේ පසුවන මඩපාත හා කොළඹ 05 යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

More articles

Latest article