28 C
Colombo
බදාදා, අප්‍රේල් 24, 2024

අරගල භූමියේ වස් වැසීම භික්ෂු විනයට පටහැනියි – මහාචාර්ය කන්දෙගොඩ විමලධම්ම හිමි

Must read

භික්ෂු විනයට අනුව ගාලුමුවදොර අරගල භූමිය යොදා ගනිමින් එළිමහනේ වස් වැසීම විනය විරෝධී ක්‍රියාවක්යැයි ශ්‍රීලංකා අමරපුර විද්වත් සංඝ සභාවේ සභාපති කැලණි විශ්ව විද්‍යාලයේ දර්ශන අංශයේ හිටපු ජේෂ්ඨ මහාචාර්ය කන්දෙගොඩ විමලධම්ම හිමියෝ පැවසූහ.

ශ්‍රීලංකා අමරපුර විද්වත් සංඝසභාවේ කැලණිය ප්‍රාදේශීය බලමණ්ඩලය පිහිටුවා ගැනීමට පසුගියදා (31) පෑලියගොඩ රෝහණ විහාරස්ථානයට වැඩම කර සිටි අවස්ථාවේදී උන්වහන්සේ මෙසේ පැවසූහ.

මෙහිදී වැඩිදුරටත් භික්ෂු විනය හා වස්වැසීමේදී පිළිපැදිය යුතු නීතිරීති පිළිබඳ කරුණු පැහැදිලි කරමින් උන්වහන්සේ මෙසේද පැවසීය.

“පසුගියදා ගෝල්ෆේස් අරගලභූමියේදී භික්ෂූන් වහන්සේලා ලෙස සිවුරු දරා සිටි දෙනමකට පොලිස් නිලධාරීන් එම ස්ථානයෙන් ඉවත් වෙන ලෙස ඉල්ලා සිටියේ අධිකරණ නියෝග පනවා ඇති බව පැහැදිලි කරමින්. නමුත් උන් වහන්සේලාගේ පිළිතුර වුණේ මේ ස්ථානයේ වස්වසන බැවින් ඉවත්විය නොහැකියි බවයි. මේ සිදුවීම් විද්යුත් මාධ්‍ය වලින් ප්‍රචාරය වුණා. අන්තර්ජාලය ඔස්සේ මුළුලෝකයම දැක්කා. සම්බුද්ධ ශාසනය අපකීර්තියට පත්වන මෙවැනි සිදුවීම්වලට මාධ්‍ය ප්‍රචාරය දීමට පෙර, මාධ්‍ය මීට වඩා වගකීමෙන් යුතුව කායුතු කළ යුතුයි. සිද්ධියට අදාළ ස්වාමීන් වහන්සේලාගේ ගුරු හාමුදුරුවරුන් පිළිබඳ විමසා කරුණු නිවැරැදිව සොයාබලා වාර්තා කළ යුතුයි. උන්වහන්සේලා අයත් නිකාය හෝ නිවැරැදිව කීමට අපොහොසත් වූ අයුරු අප දැක්කා. භික්ෂු විනයට පටහැනි මෙවැනි අශෝභන ක්‍රියාවන් සිදු කරන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා පිළිබඳ උන්වහන්සේලා අයත් වන නිකායවල මහනායක හිමිවරුන් සහ ගුරුහිමිවරුන් මීට වඩා වගකීමෙන් යුතුව ශිෂ්‍ය භික්ෂූන් පිළිබඳ සොයා බැලිය යුතුයි. කෙසේ නමුත් අමරපුර විද්වත් සංඝසභාවේ අප්‍රසාදය මෙම සිදුවීම වෙනුවෙන් පළ කර සිටිනවා.

“භික්ෂු විනයට අනුව එළිමහනේ වස්වැසීම විනය විරෝධී ක්‍රියාවක්. එදා පෝය දිනයක්. කිසිම පෝයකර්මයක් සිදු නොකර අරගල භූමියක භික්ෂූන් වහන්සේලාට එහෙම වස්වසන්න භික්ෂු විනයට අනුව ඉඩක් නැහැ. වස්වැසීම දොරගුළු නැති සිව්පසයෙන් උපස්ථාන කිරීමට ගමක් නැති ස්ථානයක කළ යුතුයි. වස් වසන යම් භික්ෂූවක් සිටී නම් බුදුන්වහන්සේ වදාළ පරිදි ග්‍රීෂ්ම කාලයේත් එළිමහනේ සොහොන් භූමියක හෝ වැඩසිටිය හැකියි. රටේ ජනාධිපතිවරයා රටින් බැහැරට ගොස් විශාල ජනතා කැරැල්ලක් පවතින අරගල භූමියක නිරාවරණවූ අට්ටාලයක වස්වැසීම සිදුකිරීමට භික්ෂු විනයෙන් අවසර නැහැ. මෙවැනි අත්තනෝමතික ක්‍රියාවක් භික්ෂු විනය ගැන අවබෝධයක් ඇති කිසිම භික්ෂුවක් සිදු කරන්නේ නැහැ.”

More articles

Latest article