33 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

අරගල භූමිය ගැන පොලිස් තීරණයට එරෙහිව රිට් පෙත්සම් තුනක්

Must read

ගාලු මුවදොර ගෝඨා ගෝ ගම අරගල භූමියේ ඇති තාවකාලික ඉදිකිරීම් සහ පුද්ගලයින් ඉවත්කිරීමට ගෙන ඇති තීරණයට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සම් තුනක් ඉදිරිපත් කර තිබේ.

පොලීසිය විසින් ගෙන ඇති එම තීරණය අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අගතියට පත් පුද්ගලයින් තිදෙනෙකු මෙම පෙත්සම් ගොනුකර ඇත.

ගාලු මුවදොර පිටිය හා ඊට ආසන්න ප්‍රදේශයේ අනවසරයෙන් සිදුකර ඇති ඉදිකිරීම් හා බෝග වගාවන් වහාම ඉවත්කරගන්නා ලෙස පොලීසිය විසින් ඊයේ දැනුම්දීමක් සිදුකරනු ලැබීය.

කොටුව පොලීසිය විසින් දැනුම්දෙනු ලැබුවේ හෙට (05) සවස 05ට පෙර එම ඉදිරිකිරීම් ඉවත්කළ යුතු බවය.

එසේම එම නිවේදනයෙන් කොටුව පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ රටේ පවතින නීතියට අනුකූලව හා මහජනයාට පීඩාකාරී නොවන ආකාරයෙන් කටයුතු කළයුතු බවය.

මෙම උපදෙස් අනුව කටයුතු නොකරන පුද්ගලයින් සම්බන්ධයෙන් නීත්‍යානුකූල පියවර ගනු ලබන බවද එම නිවේදනයෙන් කොටුව පොලීසිය දැනුම්දීමක් සිදුකර ඇත.

එහිදී පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ මහජනයාගේ අද්‍රව්‍යමය අයිතිවාසිකම් අහිමි කිරීම වහාම නවතාලන ලෙසටය.

More articles

Latest article