33 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

ගාලු මුවදොර අනවසර අට්ටාල ඉවත් කිරීම ගැන නීතිපතිගෙන් අභියාචනාධිකරණයට ප්‍රතිඥාවක්

Must read

නිසි නීතිමය ප්‍රතිපාදන අනුගමනය කිරීමකින් තොරව ලබන 10 වනදා තෙක් ගාලු මුවදොර ‘ගෝඨාගෝ ගම’ අරගල භූමියේ පවතින අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමෙන් වළකින බව නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබාදී තිබේ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට අවශ්‍ය උපදෙස් කඩිනමින් ලබාදෙන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා අද (05) අභියාචනාධිකරණයට දන්වා සිටියේය.

කෙසේවෙතත් අදාළ කාලසීමාව තුළ මෙම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සම්බන්ධයෙන් වන මුලික නීතිමය පියවර ආරම්භ කිරීමට වගඋත්තරකරුවන්ට බාධාවක් නොමැති බවද අධිකරණය ප්‍රකාශ කළේය.

එමෙන්ම අදාළ ප්‍රදේශයෙන් ස්වෙච්ඡාවෙන් ඉවත්වීමට කැමති පුද්ගලයින්ට ඉන් ඉවත්ව යාමට මෙම එකඟතාව බාධාවක් නොවන බවත් අධිකරණය දැනුම්දී තිබුණි.

ගාලු මුවදොර අරගල භූමියේ තිබෙන අනවසර ඉදිකිරීම් හා බෝග වගාවන් අද (05) පස්වරු 05ට පෙර ඉවත් කරගන්නා ලෙසට පොලීසිය විසින් කර ඇති නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම් කැඳවූ අවස්ථාවේදී මෙම ප්‍රතිඥාව ලබාදීම සිදුවිය.

More articles

Latest article