28 C
Colombo
බදාදා, අප්‍රේල් 24, 2024

සිසුවියක පැහැරගෙන පාළු නිවෙසකට රැගෙන ගොස් ලිංගික අතවර කළැයි සැකපිට තරුණයකු අත්අඩංගුවට

Must read

15 හැවිරිදි බාලවයස්කාර පාසල් සිසුවියක කහටරුප්ප දී පැහැරගෙන යතුරුපැදියකින් පාළු නිවෙසකට රැගෙන ගොස් ලිංගික අතවර කළැයි සැකපිට තරුණයකු ඊයේ (25) අත්අඩංගුවට ගත් බව කහටරුප්ප පොලීසිය පවසයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ කහටරුප්ප ප්‍රදේශයේ පදිංචි වන 23 හැවිරිදි තරුණයෙකි.

කහටරුප්ප දිවුලපැලැස්ස ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි දැරිය පෙරේදා (24) උදෑසන සහෝදරයා සමඟ පාසල් ගොස් ඇත. අතරමඟදි යතුරුපැදියක පැමිණ ඇති සැකකරු දැරිය පැහැරගෙන යතුරුපැදියේ නංවාගෙන කහටරුප්ප ප්‍රදේශයේ පාළු නිවෙසකට රැගෙන ගොස් දැරියට බරපතළ ලිංගික අතවර කර ඇතැයි පොලීසිය පවසයි.

පසුව දැරියගේ මව කහටරුප්ප පොලීසියට පැමිණිලි කර ඇත. ඒ අනුව කහටරුප්ප පොලීසිය පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

බාලවයස්කාර පාසල් දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති අතර තරුණයා බදුල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

More articles

Latest article