30 C
Colombo
බදාදා, අප්‍රේල් 17, 2024

මම අද විතරයි ජීවත් වෙන්නේ කියන හැඟීමෙන් ජීවත් වෙන කෙනෙක් – ආශා එදිරිසිංහ

Must read

මෙරට කලා ක්ෂේත්‍රය තුළ විශාල ජනතා ආකර්ෂණයක් වගේම ආදරයක් හිමිකරගෙන ඉන්න සුන්දර රංගන ශිල්පිනියක් තමයි ආශා එදිරිසිංහ කියලා කියන්නේ.

කොහොම වෙතත් පුංචි තිරයේ ටෙලි නිර්මාණ ගණනාවක් ඔස්සේ ප්‍රේක්ෂකයන් හමුවට ආපු මේ සුන්දර රංගන ශිල්පිනිය පහුගිය දවසක පුවත්පත් සාකච්ඡාවක් සමගින් එක්ව අදහස් දක්වලා තිබෙනවා අපට දැකගන්නට ලැබුණා.

ඉතින් පහුගිය කාලයේ රටේ තිබුණ තත්ත්වයත් එක්ක බොහෝ රූගත කිරීම් නතර වුණා කියල කියන ඇය කියන්නේ මේ දවස්වල ඒ නැවතුණ රූගත කිරීම් ආයෙමත් පටන් ගත්තා කියලයි.

තවද මම රංගනයෙන් දායකවුණ ‘ගුග්ලි’ ටෙලිනාට්‍යයත්, රහයි ජීවිතේ ටෙලි නාට්‍යයත් පහුගිය කාලවලදී විකාශය වුණා කියන ඇය නිලියක් වීම මම පුංචි කාලේ ඉදන් දැකපු හීනයක් නෙවෙයි කියලයි කියන්නේ.

ඒ වගේම මම අවුරුදු එකොළහේදී ළමා නිළියක් විදිහට මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ කියන ඇය මම පුංචි කාලේ නර්තනයට හරි ආසයි කියලයි පවසන්නේ.

තවද මට ඉගෙන ගන්න කිසිම උවමනාවක් තිබුණේ නැහැ කියන ඇය මම රඟපානවාට මුලින් නම් තාත්තා කැමැති වුණේ නැහැ කියලයි කියන්නේ.

හැබැයි අම්මා නම් හරිම කැමැති වුණා කියන ඇය මගේ අම්මා ඉස්සර ගුවන්විදුලියේ සිංදු කියන්නත් ගිහින් තියෙනවා කියලයි පවසන්නේ.

ඒ ආසාව නිසාම එක නාට්‍යයකට හරි මම ඉදිරිපත් වෙනවට අම්මා කැමැති වුණා කියන ඇය අවසානයේ තාත්තාත් කැමැති වුණා කියලයි කියන්නේ.

ඒ වගේම මම මුලින් රඟපාන්න ගිය දවසේ ‘මට කරන්න බැහැ’ කියල මම ඇඬුවා කියන ඇය හැබැයි සතිස් සර් මාව දිරිමත් කළා කියලයි ඇය පවසන්නේ.

ඒ නාට්‍යය විකාශනය වෙද්දී තමයි මම කොහොම හරි ඉගෙන ගන්නවා කියලා හිතලා අධ්‍යාපනය පැත්තට අවධානය යොමු වුනේ කියලයි ඇය කියන්නේ.

ඉතින් ඉගෙන ගන්න ආසාවක් නොතිබුණු මම ඉගෙන ගන්න ආසාව ඇති කරගෙන කොහොම හරි ඉගෙන ගන්නවා කියලා අධිෂ්ඨානයක් ඇති කරගත්තා කියන ඇය කියන්නේ අවසානයේදී මට කැලණි විශ්වවිද්‍යාලයට යන්න හැකියාව ලැබුණා කියලයි.

තවද මගේ ජීවිතේ ලොකු බලාපොරොත්තුවක් නැහැ කියල කියන ඇය කියන්නේ ඇත්තටම මම එහෙම අරමුණු බලාපොරොත්තු ලොකුවට තියා ගන්න කෙනෙක් නෙවෙයි කියලයි.

මේ අතර මම අද විතරයි ජීවත් වෙන්නේ කියන හැඟීමෙන් ජීවත් වෙන කෙනෙක් කියන ඇය බලාපොරොත්තු ආසාවල් පොදි බැඳගෙන ජීවත් වෙනවාට වඩා ඒක හොඳයි කියලයි පවසන්නේ.

ඉතින් මම අද හරිම සතුටින් ඉන්නවා කියන ඇය ප්‍රශ්න ජීවිතේ අපි හැමෝටම තිබෙනවා කියලයි කියන්නේ. ඒ අතරේ මම පුළුවන් තරම් සතුටින් ජීවත් වෙන්න උත්සාහ ගන්නවා කියලයි ඇය පවසන්නේ.

More articles

Latest article