28 C
Colombo
බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 29, 2022

ශිෂ්‍යත්ව සමතුන්ට ගුවන් හමුදා සේවා වනිතා ඒකකයෙන් ඇගයීමක්

Must read

ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය විශිෂ්ට ලෙස සමත් සිසුන්ට ශිෂ්‍යත්ව ප‍්‍රදානය කෙරේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි චාමිනි පතිරණ මහත්මියගේ සංකල්පයකට අනුව ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් සංවිධාන කරනු ලැබු ගුවන් හමුදා සේවා හා සිවිල් සේවකයින්ගේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් සිසුන් සඳහා ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය පසුගියදා (26) ගුවන් හමුදා මුලස්ථානයේදී පැවැත්වුණි.

ඒ සඳහා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා සහභාගී විය.

මෙහිදී 2021 වසරේදී 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් සිසුන් 333 දෙනෙකු සඳහා ශිෂ්‍යත්ව ප‍්‍රදානය සිදු කරන ලදි.

ඒ අතුරින් 2021 වසරේ ඉහළම ලකුණු ලැබූ සිසුන් 15 දෙනෙකු හා 2019 වසරේ ඉහළම ලකුණු ලැබූ සිසුන් 05 දෙනෙකු ආරක්ෂක අමාත්‍යංශයේ ජාතික ආරක්ෂක අරමුදල විසින් ආරම්භ කරන ලද “විරු සිසු ප‍්‍රදීප” ශිෂ්‍යත්ව අරමුදල සඳහා තෝරා ගැනීමද මෙදින ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් සිදු කළේය.

මෙම සිසු සිසුවියන්ට ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් සංකේතාත්මකව මූල්‍ය ප‍්‍රදානය කිරීමක් සහ පාසල් ලිපි ද්‍රව්‍ය ප‍්‍රදානය කිරීමක් සිදු කරන ලදි.

උත්සවය අවසානයේදි ගුවන් හමුදාධිපතිවරයා හා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය විසින් විභාගවලින් දක්ෂතා දැක්වූ සිසුන්ට ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් සුභපැතුම් එක් කරන ලදි.

මෙම උත්සවය සඳහා ගුවන් හමුදා සුභසාධක අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් හේමන්ත සොයිසා, ගුවන් ලේකම් ගෲප් කැප්ටන් අනුරුද්ද විජේසිරිවර්ධන, සේවා වනිතා ඒකක භාර නිලධාරී, සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්, සියලූම කඳවුරුවල සේවා වනිතා ඒකක සම්බන්ධීකාරකවරුන්, ගුවන් හමුදා නිලධාරීන් හා සිසු සිසුවියන්ගේ දෙමාපියන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

More articles

Latest article