33 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

නවය ශ්‍රේණියේදී උසස් පෙළ ලියූ දෙව්ම්ට ‘B’ තුනක්

Must read

කඩවත මාවරමණ්ඩිය නැණමල් රාජකීය විද්‍යාලයේ 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දෙව්ම් සනහස් සිසුවා වාණිජ විෂය ධාරාවෙන් අපොස උසස් පෙළ 2021 විභාගය ලියා ‘B’ සාමර්ථ්‍ය තුනක් හිමි කර ගෙන සරසවි ප්‍රවේශ වරම් ලබා තිබේ. මෙම සිසුවා 8 ශ්‍රේණියේදී ඉගෙනුම ලබන විට අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දී ‘A’ සාමර්ථ්‍ය 5ක් ‘B’ සාමර්ථ්‍ය දෙකක් සහ ‘C’ සාමර්ථ්‍යයක් හිමි කර ගෙන තිබේ. උසස් පෙළ කලින්ම ලියා ඉතිරි කර ගත් කාලය තමා දැඩි ලෙස ප්‍රිය කරන ක්‍රිකට් ක්‍රීඩාවට යොමු කිරීමට අපේක්ෂා කරන බව එම සිසුවා මාධ්‍යයට අදහස් දක්වමින් පැවසීය. උසස් පෙළ විභාගයට ඉදිරිපත් විම සඳහා මාස 5ක කාලයක සිට සූදානම් වූ බවත් හෙතෙම කීවේය. යූටියුබ් නාලිකාවක 11 ශ්‍රේණියේ පාඩම් දැක ඒවා තමන්ට වැටහෙන බව මව්පියන්ට පැවසූ බවත් මව්පියන්ගේ අවසරය මත තමන් උසස් පෙළ විභාගය ලියා මෙලෙස සමත් වූ බවද කීවේය.

More articles

Latest article