26 C
Colombo
සෙනසුරාදා, සැප්තැම්බර් 30, 2023

හදිසි ආපදා තත්වයකට මුහුණ දිමට ශ‍්‍රි ලංකා ගුවන් හමුදාව සුදානමින්

Must read

අයහපත් කාලගුණ තත්වය නිසා දිවයිනේ ඇතිවිය හැකි හදිසි අපදා තත්වයකට මුහුණ දිමට ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සුදානමින් සිටියි.

කාලගුණ විද්‍ය දෙපාර්තුමේන්තු දත්තයන්ට අනුව ශ‍්‍රී ලංකාව ආසන්නයේ පවතින පහල වායුගෝලීය කැලඹිලි සහගත තත්වය හේතුවෙන් ඇති විය හැකි අයහපත් කලගුණික තත්වය හමුවේ දිවයිනේ පලාත් කීපයකට ගංවතුර හා නාය යාමේ අවධානමක් ඇතිවිය හැකි බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය විසින් දැනුම් දී ඇත.

ඒ අනුව ඇතිවිය හැකි ආපදා තත්වයන්ට සහන සැලසිම හා මුදවා ගැනිමේ කටයුතු සදහා ගුවන් යානා හා ඊට අදාල භට පිරිස් ස්ථානගත කර සුදානමින් තැබීමට ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් මේ වනවිට උපදෙස් ලබාදී තිබේ.

ඉදිරියේදී ඇතිවිය හැකි ආපදා තත්වයන් පිළිබද නිරතුරු ගුවනින් නිරීක්ෂණය කිරිම සදහා ගුවන් හමුදා නිරික්ෂණ ගුවන් යනා මෙන්ම අපදා තත්වයක් ඇති වුවහොත් ජනතාව හට සහන සැලසිමට හා මුදවා ගැනිමේ මෙහෙයුම් සදහා ගුවන් හමුදාව සතු හෙලිකොප්ටර් යානා මෙන්ම මුදවා ගැනිම් සදහා සුවිශේෂි පුහුණුවක් ලබා ඇති ගුවන් හමුදා රෙජිමේනතු විශේෂ බලකා භට පිරිස් සුදානමින් සිටි.

More articles

Latest article