30 C
Colombo
බදාදා, අප්‍රේල් 17, 2024

පළමු තැපැල්පත නිකුතුව සමරා තැපැල්පතක්

Must read

ශ්‍රී ලංකාවේ පළමු තැපැල්පතට වසර 150ක් සපිරීම නිමිත්තෙන් විශේෂ සමරු තැපැල්පතක් නිකුත් වේ. ශ්‍රී ලංකාවේ පළමු තැපැල්පතේ 150 වන සංවත්සරය නිමිත්තෙන් නිකුත් කළ විශේෂ සමරු තැපැල්පත ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය අචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (01) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත පිළිගැන්වීය. මෙම විශේෂ සමරු තැපැල්පත පළමු තැපැල්පතේ ඡායාරූපයක් සහිතව තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය විසින් නිකුත් කිරීමට කටයුතු කර ඇත.

මෙම අවස්ථාව සඳහා හිටපු කථානායක චමල් රාජපක්ෂ,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මුදිතා ප්‍රශාන්ති සොයිසා, වෛද්‍ය ගයාශාන් නවනන්ද, යදාමිනී ගුණවර්ධන, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට, තැපැල්පති රංජිත් ආරිරත්න යන මහත්ම මහත්මීන් සහ තැපැල් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්වූහ.

More articles

Latest article