25 C
Colombo
ඉරිදා, මැයි 19, 2024

ශ්‍රී ලංකාව සඳහා ණය සහන ක්‍රියාවලිය ආරම්භ කිරීමට සූදානම් – Paris Club

Must read

ශ්‍රී ලංකාව සඳහා ණය සහන ක්‍රියාවලිය ආරම්භ කිරීමට සූදානම් බව “පැරිස් සමාජ සාමාජිකයෝ” (Paris Club Members) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ

ණය පිළියම් පටිපාටියක් ආරම්භ කිරීමට පැරිස් සමාජය සූදනම් අතර කාලෝචිත පරිදි අවශ්‍ය මූල්‍ය රක්ෂණ සැපයීම සහ අවශ්‍ය මූල්‍ය සහතික කිරීම් නියමිත වේලාවට ලබා දීම සඳහා පැරිස් සමාජයේ නොවන නිල ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ සම්බන්ධීකරණය කිරීමට ඇති කැමැත්ත නැවත අවධාරණය කරන බව එම නිවේදනයේ දැක්වේ.

දීර්ඝ කළ ණය පහසුකම් යටතේ මාස 48ක කාලයක සැලැස්මක් සඳහා ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් අතර පැවති නිලධාරී මට්ටමේ ගිවිසුම පැරිස් සමාජය විසින් පිළිගෙන ඇත.

සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ රාජ්‍ය ණය තිරසාරත්වය පවත්වාගෙන යාම සඳහා වූ වැදගත් පියවර මෙම ගිවිසුමෙහි අන්තර්ගතය.

අනෙකුත් නිල ද්විපාර්ශ්වීය ණය හිමියන්ට ද දැනටමත් යෝජනා කර ඇති පරිදි සාධාරණව කටයුතු කිරීමට ඇති හැකියාව ද ඔවුන් තහවුරු කර තිබේ.

More articles

Latest article