28.8 C
Colombo
ඉරිදා, මැයි 26, 2024

වසර 6 කට පසු ශ්‍රී ලංකාව හා ප්‍රංශය අතර යළි සෘජු ගුවන් ගමන් ආරම්භ කරයි

Must read

වසර 06 කට පසු ශ්‍රී ලංකාව හා ප්‍රංශය අතර යළි සෘජු ගුවන් ගමන් ඊයේ (31) ආරම්භ කෙරිණි.

ඊයේ අළුයම 01 ට UL 563 දරණ ශ්‍රී ලංකන් ගුවන් යානය ප්‍රංශයේ පැරිස් නුවර Charles De Gaulle ගුවන් තොටුපළට පිටත්ව ගොස් තිබේ.

සෑම සතියකම බදාදා, සිකුරාදා සහ ඉරිදා කටුනායක ගුවන්තොටුපළේ සිට පැරිස් Charles De Gaulle ගුවන් තොටුපළ දක්වා ශ්‍රී ලංකන් ගුවන් යානයක් ගමන් කරන අතර එදිනම සවස ප්‍රංශයේ සිට ශ්‍රී ලංකාව බලා තවත් ශ්‍රී ලංකන් ගුවන් යානයක් පැමිණීමට නියමිතයි.

ශ්‍රී ලංකාව හා ප්‍රංශය අතර මුලින්ම සෘජු ගුවන් ගමන් ආරම්භ කෙරුණේ 1980 දී ය.

මේ වන විට ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලෝකයේ විවිධ ගමනාන්ත කරා සෘජු ගුවන් ගමන් ආරම්භ කිරිමට කටයුතු යොදා තිබේ.
ශ්‍රී ලංකාව හා ප්‍රංශය අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීම නිමිත්තෙන් කටුනායක ගුවන්තොටුපළේ සෙරන්ඩිබ් ශාලාවේ දි චාම් උත්සවයක් පැවැත්විණ. ඒ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙනි.

More articles

Latest article