30 C
Colombo
බදාදා, අප්‍රේල් 17, 2024

ආසියා නෙට්බෝල් පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය

Must read

වසර 2023 නෙට්බෝල් ලෝක ශූරතාවලියට සුදුසුකම් ලැබෙන ආසියා නෙට්බෝල් ශූරතාවලියේ ශ්‍රී ලංකා පිල සහභාගි වූ පළමු තරගයෙන් ඉන්දියාවට එරෙහිව ලකුණු 102-14ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට සමත් විය.

ගයාංජලී අමරවංශගේ නායකත්වයෙන් තරග වදින ශ්‍රී ලංකා පිල පළමු කාර්තුව ලකුණු 34-2කින් ද, දෙවැනි කාර්තුව ලකුණු 58-3කින් ද ජය ගත් අතර, තුන්වැනි කාර්තුවේ ජය හිමි කර ගනු ලැබුවේ ලකුණු 79-10ක් ලෙසිනි.

සිංගප්පූරුවේ පැවැත්වෙන මෙවර ආසියා නෙට්බෝල් ශූරතාවලියේදී ශ්‍රී ලංකා පිල ‘ඒ’ කාණ්ඩයෙන් තරග වදින අතර, ඉන්දියාව සහ පිලිපීනය එම කාණ්ඩයට ඇතුළත් ය.

More articles

Latest article