30 C
Colombo
බදාදා, අප්‍රේල් 17, 2024

මියගිය මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළගේ දරුවන් ගැන බලන්න ජනපති පොරොන්දු වෙයි

Must read

නිට්ටඹුවෙි දී ඉකුත් මැයි 09වැනිදා සිදුවූ කළහකාරී සිදුවීමකින් මිය ගිය පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.

අදාළ සිදුවීම පිළිබඳ බලවත් කණගාටුව පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම දරුවන්ගේ අධ්‍යාපනය ඇතුළු අවශ්‍ය ඕනෑම උපකාරයක් ති⁣බෙි නම් තමා වෙත දැනුම් දෙන ලෙස ද ඔවුන්ට පැවසීය.

තමා පෞද්ගලිකව හෝ මන්ත්‍රීවරයා වෙනුවෙන් රජයෙන් කෙරෙන ප්‍රදානයන් යටතේ ඕනෑම උපකාරයක් එම දරුවන්ගේ අනාගතයත් පවුලේ සුබසාධනයත් වෙනුවෙන් ලබාදීමට සූදානම් බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය .

අදාළ සිදුවීමෙන් මිය ගිය අමරකීර්ති අතුකෝරාළ මහතාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරී පොලිස් සැරයන් ජයන්ත ගුණවර්ධන නිලධාරියා වෙනුවෙන් පොලිස් ත්‍යාග අරමුදලෙන් මූල්‍ය පරිත්‍යාගයක් සිදු කිරීම ද පසුගියදා ජනාධිපතිවරයා අතින් සිදු විය.

More articles

Latest article