25 C
Colombo
සඳුදා, මැයි 20, 2024

කෘෂි සැපයුම් ශක්තිමත් කරන්න ලෝක බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක්

Must read

කෘෂිකර්ම සැපයුම්දාමය ශක්තිමත් කිරීමට සහ ආරක්ෂාකාරී දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තුදෙන මාර්ග ප්‍රවාහන සම්බන්ධතාවන් ගොඩනැඟීම වෙනුවෙන් රුපියල් කෝටි 10,100ක (ඇමෙරිකානු ඩොලර් මිලියන 500) ආධාරයක් ශ්‍රී ලංකාවට දීමට ලෝක බැංකුව එකඟතාව පළ කරයි.

අන්තර්කරණය වූ සම්බන්ධතා සහ සංවර්ධන ව්‍යාපෘතිය හරහා කෘෂිකාර්මික සැපයුම් දාමයන් ශක්තිමත් කිරීම සඳහා ආරක්‍ෂිත, කාර්යක්‍ෂම සහ දේශගුණයට ඔරොත්තු දෙන සම්බන්ධතාවන් සැපයීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය සහ ලෝක බැංකුව මෙම මුල්‍යාධාර ගිවිසුමට අත්සන් කර තිබෙන අතර, මෙම ව්‍යාපෘතිය මඟින් ශ්‍රී ලංකාවේ තෝරාගත් දිස්ත්‍රික්ක කිහිපයක ග‍්‍රාමීය ප්‍රජාවට අයත් මිලියන 16ක පමණ ජනතාවට ප්‍රතිලාභ ලැබෙනු ඇතැයි ලෝක බැංකුව අපේක්‍ෂා කරයි.

රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර් ආටිගල සහ ලෝක බැංකුව වෙනුවෙන් දකුණු ආසියානු කලාපය සඳහා ලෝක බැංකු උප සභාපති හාට්විග් ෂේෆර් මෙම ගිවිසුමට අත්සන් තැබූ බව ලෝක බැංකුව ප්‍රකාශ කරයි.

More articles

Latest article