32 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 13, 2024

2022 ජූලි වන විට ඇඟලුම් අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 522ක්

Must read

මේ වසරේ ජූලි මාසය වන විට ඇඟලුම් අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 522.14ක් බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය පවසයි.

ඉකුත් වසරේ ජූලි මාසයේදී එම ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 425.75ක් බවත් ඒ හා සැඳීමේදී මෙම වසරේදී ඇඟලුම් අපනයන ආදායම සියයට 22. 4ක වර්ධනයක් අත්කර ගෙන තිබෙන බවත් එම සංසදය පවසයි.

ඇඟලුම් අපනයන කාර්යසාධනය 2021 මහ බැංකු වාර්ෂික වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ කාර්මික අපනයන, රෙදිපිළි සහ ඇඟලුම් ප්‍රමාණය 43.5% කි. එම වසරේ රෙදිපිළි සහ ඇඟලුම් අපනයන වටිනාකම ඩොලර් මිලියන 5,435.1කි. ඇඟලුම් කර්මාන්තයේ ඔරොත්තු දීමේ හැකියාව, දිගුකාලීන අර්බුද මධ්‍යයේ රජයට ලැබුණු ප්‍රතිපත්තිමය සහය සමඟින් මෙම ධනාත්මක ආරම්භය 2022 දක්වා ඉදිරියට ගෙන යාමට කර්මාන්තයට හැකි වී ඇති අතර ඒ හරහා රටේ ආර්ථිකයට සහාය වීමට හැකියාව ලැබී ඇත.

More articles

Latest article