30 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

අනුරපුර වන්දනාවට සති අන්ත සුඛෝපභෝගි දුම්රියක්

Must read

අනුරාධපුර සිද්ධස්ථාන වැඳපුදා ගැනීමේ අපේක්ෂාවෙන් පසුවන බැතිමතුන්ගේ පහසුව සඳහා සුඛෝපභෝගි දුම්රිය සේවයක් ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව කොළඹ කෙටුවේ සිට අනුරාධපුරය දක්වා ගමන් කරන මේ සුඛෝපභෝගි දුම්රිය එළඹෙන 08 දා සිට ආරම්භ කෙරෙන අතර, එදින පෙරවරු 9.20ට කොළඹ, කොටුවෙන් ගමන් ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ගම්පහ, වේයන්ගොඩ, පොල්ගහවෙල දුම්රිය ස්ථානවල පමණක් එම දුම්රිය නතර කෙරෙන අතර, අනතුරුව පස්වරු 1.00ට පමණ අනුරාධපුර දුම්රිය ස්ථානය වෙත ළඟාවීමට නියමිතව තිබේ.

ඉන් අනතුරුව 09 දා පස්වරු 5.00ට අනුරාධපුර දුම්රිය ස්ථානයෙන් කොළඹ බලා ගමන් ආරම්භ කරන සුඛෝපභෝගි දුම්රිය එදින රාත්‍රි 10.00ට පෙර කොළඹ, කොටුව දුම්රිය ස්ථානය වෙත ළඟාවීමට නියමිතව තිබේ.

More articles

Latest article