26 C
Colombo
බදාදා, අප්‍රේල් 24, 2024

ආශාවරිට තිබුණු තහංචි අවසන්

Must read

අවුරුදු දහසයෙන් පහළ කාන්තා ළමා සංගීත කණ්ඩායමක් ලෙස වසර කීපයක සිට සංගීත රසය බෙදාදුන් මැදිරිගිරිය ආශාවරි සංගීත කණ්ඩායමේ පැවති සියලු ගැටලු මේ වන විට අවසන් වී තිබෙන බව එම සංගීත කණ්ඩායමේ පුහුණුකරු හා උපදේශක නාලක ජයලත් මහතා පවසයි. ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මියගේ මැදිහත් වීමෙන් තම සංගීත කණ්ඩායමේ වැඩකටයුතු යළි ආරම්භ කළ බව ද ඔහු කීවේය. මීට වසර එකහමාරකට පමණ ඉහතදී අවුරුදු 16ට අඩු ගැහැනු ළමුන් 9 දෙනෙකුගෙන් මෙම සංගීත කණ්ඩායම ආරම්භ කෙරූ බවද ඒ මහතා පැවසීය.

මීට මාස නවයකට පෙර සිට සංගීත සංදර්ශන පවත්වාගෙන යන තම ආශාවරි සංගීත කණ්ඩායමේ වැඩකටයුතු නතර කරන ලෙස ජාතික ළමාරක්ෂක අධිකාරිය පියවර ගත් බවත්, ඊට වහාම මැදිහත් වූ ගීතා කුමාරසිංහ මහත්මිය ඇතුළු රජයට තම ස්තුතිය පිරිනමන බවද නාලක ජයලත් මහතා කීවේය.

විෂය භාර ඇමැතිවරිය මෙන්ම දයාසිරි ජයසේකර මහතා කතා කිරීමෙන් පසු පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාවට තම සංගීත කණ්ඩායම ඇතුළත් කීරිමට පියවර ගෙන තිබෙන බවද ඒ මහතා කීවේය.

අවුරුදු 16ට අඩු වයසේ සංගීතයට ඉතා දක්ෂ ගැහැනු දරුවන් සිටිනා මැදිරිගිරියේ ආශාවරි සංගීත කණ්ඩායම දිවයිනේ සුවිශේෂී සංගීත කණ්ඩායමක් බවත්, ඊට පුහුණු කටයුතු හා සංගීත සංදර්ශන පැවැත්වීමට අවසර දීමට මැදිහත්ව ක්‍රියා කළ සියලු දෙනාට තමාත්, දරුවන් මෙන්ම ඔවුන්ගේ මව්පියෝ සහ සියලු රසිකයින් වෙනුවෙන් රජයට මෙන්ම ගීතා කුමාරසිංහ ඇමැතිවරියට ස්තුතිය පිරිනමන බවද නාලක ජයලත් මහතා කීවේය.

More articles

Latest article