26 C
Colombo
බදාදා, අප්‍රේල් 24, 2024

යුද හමුදා මේජර්වරයෙකු ඇතුළු 3 කට මරු කැඳවූ ගල්ගමුවේ අනතුර

Must read

ගල්ගමුව ඉහළගම ප්‍රදේශයේ ඊයේ (17) රාත්‍රී සිදුවූ රිය අනතුරකින් යුද හමුදා මේජර්වරයෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.

මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටී මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි.

අනතුර සිදුවන අවස්ථාවේ පුද්ගලයින් පස්දෙනෙකු මෝටර් රථයේ ගමන් කර තිබේ.

මෙම අනතුරින් මෝටර් රථයේ ගමන් කළ තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති අතර ඔවුන් අනුරාධපුර සහ ගල්ගමුව රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වෙයි.

අනතුරින් මියගොස් ඇත්තේ සාලියපුර යුධ හමුදා කදවුරට අනුයුක්තව සේවය කළ දිනේෂ් ඉලංගරත්න නම්යුද හමුදා මේජර්වරයෙකු සහ නොච්චිය වන්නිකුඩාවැව ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයින් දෙදෙනෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්ගමුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

More articles

Latest article