27.8 C
Colombo
අඟහරුවාදා, සැප්තැම්බර් 26, 2023

ජනපති අභිනව අටමස්ථානාධිපති හිමි බැහැදකී

Must read

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අභිනව අටමස්ථානාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

(18) පස්වරුවේ ඓතිහාසික අනුරාධපුර පූජා භූමිය වෙත පැමිණි ජනාධිපතිවරයා අභිනව අටමස්ථානාධිපති හිමි බැහැදැක උන්වහන්සේට සුභාශීංසන පළ කරමින් නිරෝගී සුව ප්‍රාර්ථනා කළේය.

ජනාධිපතිවරයා සමග සුහද පිළිසඳරක නිරත වූ අටමස්ථානාධිපති හිමියෝ සෙත් පිරිත් සජ්ජායනා කර එතුමා වෙත ආශිර්වාද පළ කළහ.
මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

More articles

Latest article