26 C
Colombo
බදාදා, මාර්තු 27, 2024

කාන්තාවන් සිව්දෙනෙකුට ලිංගික හිරිහැර කළ ඔස්ට්‍රේලියාවේ මහේස්ත්‍රාත්ව තනතුරෙන් නෙරපයි

Must read

වසර අටක් පුරා කාන්තාවන් සිව්දෙනෙකුට ලිංගික හිරිහැර කළ දකුණු ඔස්ට්‍රේලියාවේ මහේස්ත්‍රාත්වරයකු තනතුරෙන් නෙරපා හැරීමට පියවර ගෙන තිබේ.

සිමොන් මිලාසෝ නමැති 68 හැවිරිදි මේ පුද්ගලයාගේ අතවරයට ලක් වී ඇත්තේ ඔහු යටතේ සේවයේ නිරතව සිටියදීය.

එරට විශේෂ විනිසුරු මඬුල්ලක් විසින් මාස 17 ක කාලයක් මේ සිදු වීම විභාගයට ගෙන ඇති අතර, ඔවුන්ගේ නිර්දේශ මත අදාළ මහේස්ත්‍රාත් තනතුරෙන් නෙරපා හැරීමට ඔස්ට්‍රේලියානු රජය උපදෙස් දී ඇතැයි මේ පිළිබඳ නිවේදනය නිකුත් කළ ප්‍රධාන මහේස්ත්‍රාත් මාරි ලුයිස් ප්‍රකාශ කර තිබේ. ඇය එම කාන්තාවන්ට සිය කනගාටුව ද පළ කර සිටියාය.

More articles

Latest article