29 C
Colombo
බදාදා, මැයි 22, 2024

උතුරේ සංවර්ධන කටයුතු කඩිනමින් අවසන් කිරීමට අවශ්‍ය සහාය දෙනවා – යුද හමුදාපති

Must read

උතුරේ සංවර්ධන කටයුතු කඩිනමින් අවසන් කිරීමට අවශ්‍ය සහාය දෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

උතුරු ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා මහතා සහ යුද හමුදාපති, ජෙනරාල් ශ්වේන්ද්‍ර සිල්වා මහතා අතර ආණ්ඩුකාර නිල නිවෙසේ පැවැති හමුවේ දී යුද හමුදාපතිවරයා එසේ කියා සිටියේය.

උතුරු පළාතේ ජනතාවගේ ජීවන මට්ටම ඉහළට ගෙන යෑම සහ භෞතික සංවර්ධනය සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර එහිදී යුද හමුදාවේ සහාය ඇතිව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට ද තීරණය කෙරිණි. සංවර්ධන කටයුතු කරමින් තිබියදී පැන නඟින සියලූම ගැටලු අවම කර ගැනීම සඳහා ද යුද හමුදාවේ සහයෝගය දීමට යුද හමුදාපතිවරයා මෙහිදී එකඟතාව පළ කර තිබේ.

More articles

Latest article