29 C
Colombo
බදාදා, මැයි 22, 2024

විශ්‍රාමිකයන්ගේ අග්‍රහාර රක්ෂණය තාවකාලිකව නවතී

Must read

විශ්‍රාමිකයන් වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබූ අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටටුවීමට තිරණය කර තිබේ.

2016.01.01 දිනට පෙර විශ්‍රාම ගත් රජයේ නිලධාරීන්ට හා වයස 70ට වැඩි විශ්‍රාමිකයන් සඳහා මෙම අග්‍රහාර රක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබිණි.

මේ සම්බන්ධයෙන් මතුව ඇති විවිධ විරෝධතා සලකා බලා එම විරෝධතා එල්ල කර ඇති සියලු පාර්ශ්ව සමඟ නැවත සාකච්ඡා කර සුදුසු තීරණයක් ගන්නා තෙක් මෙම එම චක්‍රලේඛය අත්හිටුවීමට තීරණය කළ බව අමාත්‍යංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා පැවසීය. අංක 12/2005 (VIII) චක්‍රලේඛයෙන් 2016.01.01 දිනට පෙර විශ්‍රාම ගත් 265 807ක් පමණ රජයේ නිලධාරීන්ට මෙතෙක් නොලැබී තිබු රන් හෝ රිදී අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමයට දායක වීම සඳහා සලසා දුන් අවස්ථාව මෙසේ අත්හිට වු බව අමාත්‍යාංශය ලේකම්වරයා සඳහන් කළේය.

More articles

Latest article