25 C
Colombo
සඳුදා, මැයි 20, 2024

ඔහේ ගලා යන අයවැයක් – අනුර දිසානායක

Must read

ආණ්ඩුවේ 2020 අය වැය ඔහේ ගලාගෙන යන්නක් බව ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අය වැය කතාවෙන් පසු පාර්ලිමේන්තුවේ ඊයේ (12) පැවසීය.

වත්මන් භාණ්ඩ මිල ඉහළ යෑම, රසායනික පොහො‍ර තහනමෙන් අස්වනු අඩු වූ විට ගෙවන වන්දි කිසිවක් කෙරෙහි මෙවර අය වැයෙන් අවධානය යොමු කර නැතැයි ද හෙතෙම පැවසීය. ආණ්ඩුව රුපියල් කෝටි තුන්ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ණය ලබා ගැනීමට අපේක්ෂා කරනවා. ආණ්ඩුවේ ආදායම කෝටි දෙලක්ෂ විසි දහසක්. මෙවර අය වැය ඔහේ ගලායන අය වැයක් පමණක් යැයිද දිසානායක මහතා කීවේය.

More articles

Latest article