28 C
Colombo
අඟහරුවාදා, අප්‍රේල් 23, 2024

Advocata ආයතනය මඟින් ශ්‍රී ලංකාවේ ආර්ථික ප‍්‍රතිසංස්කරණ පිළිබඳ සංවිධානය කළ #ReformNow සමුළුව

Must read

ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දෙමින් සිටින අර්බුදයෙන් මිදීමට අවශ්‍ය ප‍්‍රතිසංස්කරණ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා ප‍්‍රතිපත්ති සම්පාදකයින්, ජාත්‍යන්තර විශේෂඥයින්, චින්තන නායකයින්, ව්‍යාපාරික ප‍්‍රජාව සහ ශ්‍රී ලංකාවේ පුරවැසියන් එක් කර ගනිමින් අගෝස්තු 5 සහ 6 දිනයන් හීදි Reform Now සම්මන්ත‍්‍රණය ‘Reset Sri Lanka’ යන තේමාව යටතේ Advocata ආයතනය විසින් සංවිධානය කරන ලදි.

දෙදින සංසදයේ අරම්භක දිනය (අගෝස්තු 5) ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ අදහස් දැක්වීමෙන් ආරම්භ විය. තායිලන්තය 1997 දී සිදු කල ලෙසම මෙම අර්බුදයෙන් මිදීමට ශි‍්‍ර ලංකාවද විශාල වශයෙන් ප‍්‍රතිසංස්කරණ සිදු කල යුතු බව ප‍්‍රධාන දේශනයදී තායිලන්ත මහ බැංකුවේ හිටපු අධිපති ආචාර්ය වීරතායි සන්ති ප‍්‍රභොබ් අවධාරණය කරන ලදී. එහිදී පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායකයන් පෞද්ගලිකකරණය කිරිම, වඩාත් අවදානමට ලක්විය හැකි ආයතන ආරක්ෂා කිරීම සහ බැංකු අංශය ශක්තිමත් කිරිම වැනි ආර්ථික ප‍්‍රතිසංස්කරණයන් තායිලන්තයේදි කි‍්‍රයාත්මක කරන විට ඔහු මුහුණ දුන් අත්දැකීම් පැමිණි සිටි විද්වතුන් සමඟ බේදා ගත් අතර ඔහු ප‍්‍රකාශ කර සිටියේ මෙම ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාත්මක කිරිම පහසු කටයුත්තක් නොවන බවයි. පසුව Advocata හී සභාපති මුර්තසා ජැෆර්ජි මහතා ඇතුළු පැමිණි සිටි කිර්තිමත් ප‍්‍රවීණයන් ශි‍්‍ර ලංකාව නැවත ගොඩ නැගීමට අවශ්‍ය ආර්ථික හා අනෙකුත් ප‍්‍රතිසංස්කරණ පිළිබඳ අදහස් දක්වන ලදි.

ලංකාවේ ප‍්‍රථම වරට රාජ්‍ය ව්‍යවසායන් වල ඵලදායිතාවය සොයා බැලිය හැකි වන පරිදි නවතම වෙබ් අඩවියක් www.soe.lk ලෙසින් Advocata ආයතන විසින් එදින එලිදක්වන ලදි. රාජ්‍ය ව්‍යවසායන් වල මූල්‍ය තත්වය, ලාභ අලාභ පිළිබඳව, ණය ප‍්‍රමාණය සහ තවත් විශාල තොරතුරු ප‍්‍රමාණයක් මහජනතාවට ඉතාම පහසුවෙන් ලබා ගැනීම මෙම වෙබ් අඩවිය නිර්මාණය කිරිමේ මූලික අරමණ බව Advocata ආයතනය ප‍්‍රකාශ කරන ලදි. එයට සමගාමීව Advocata ආයතනය විසින් ඔවුන්ගේ නවතම රාජ්‍ය ව්‍යවසායකයන් පිළිබඳ වාර්තාව වන “A Governance and Consolidation Plan” ඉදිරිපත් කරන ලදි.

පසුව මේ දින වල සමාජයේ බොහෝ සෙයින් කතා බහට ලක් වී ඇති රාජ්‍ය ව්‍යවසායන් අතරින් පාඩු ලබන ප‍්‍රධානතම සමාගමක් වන ශ්‍රී ලංකන් ගුවන් සමාගම පෞද්ගලීකරණය කිරීම පිළිබඳවද සාකච්ඡා විය. එහිදී Air India ගුවන් සමාගම පෞද්ගලීකරණය කිරිමේ මාර්ගය සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගම පෞද්ගලීකරණය කිරිමේ අවශ්‍යතාවය සහ එය කල යුතු ආකාරය පිළිබඳ සාකච්ඡා කෙරුණි. TWCorp Pvt Ltd හි සභාපති සහ ප‍්‍රධාන විධායක නිලධාරී, අශ්විනි පද්නි, AirInsight හි කර්තෘ සහ Air India සමාගම පෞද්ගලීකරණය කිරිම සඳහා සම්බන්ධ වූ අකිලෙෂ් තිලෝෂා ඇතුළු තවත් විද්වත් මණ්ඩලයක් මෙම සැසිය සඳහා සහභාගි විය. තවද එහිදි විජේසිංහ මහතා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ බොහෝ ණය රාජ්‍ය බැංකු වලින් ලබාගෙන ඇති බවත් එය මූල්‍ය ස්ථාවරත්වයට දැඩි ලෙස හානි විය හැකි බවත් ය. ශ්‍රී ලංකන් ගුවන් සමාගම පෞද්ගලීකරණය කිරිමේදි සලකා බැලිය යුතු සාධක පිළිබඳවද මෙම සැසියෙදී එයට සහභාගි වූ විද්වත් මණ්ඩලය විසින් සාකච්ඡා කරන ලදි.

Resetting Samurdhi : Social Safety Nets සැසිවාරයේදී ආචාර්ය ස්ටේෆාන් කිඞ්ස් ප‍්‍රකාශ කර සිටියේ සමෘද්ධි ප‍්‍රතිසංස්කරණ සිදු කිරීමේදී ඇති ලොකුම අභියෝගය වන්නේ ‘සමෘද්ධියේ ඉලක්ක ඉතා දුර්වල වීම සහ එය රජය කෙරෙහි ඇති විශ්වාසය පළුදු කිරීම’ බවයි. ආචාර්ය ගංගා මහත්ම්ය විසින් පෙන්වා දෙනු ලැබුවේ, සමෘද්ධි ප‍්‍රතිසංස්කරණ සිදු කිරිමේදි වඩාත් අඩු ආදායම්ලාභීන් වෙත හිමිකම් ළඟා වන පරිදි ඉලක්ක සැකසීමල ප‍්‍රතිඵල නිසි ලෙස විශ්ලේෂණ කිරිම සහ ඵලදායී ඉලක්කගත යාන්ත‍්‍රණයක් තිබිම වැදගත් වන බවයි. එමෙන්ම අචාර්ය රොෂාන් සහ ආචාර්ය මයික් මුවර් යන මහත්වරුන් සහභාගි වූ The Taxation” Stability and Growth සැසියෙදී රාජ්‍ය මූල්‍ය ප‍්‍රතිපත්තිය තුල සහ බදුකරණය තුල යහපත් විනයක් පැවතීම ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික ස්ථායීතාවය ඇති කිරිම සඳහා ඉතා වැදගත් වන බව පෙන්වා දෙන ලදී. එමෙන්ම මහාචාර්ය පේ‍්‍රමචන්ද්‍ර අතුකෝරල මහතා විසින් ශ්‍රී ලංකාව නැඹුරු වී සිටින Anti-tradable වෙළඳ ප‍්‍රතිපත්තිය හේතුවෙන් ඇති වී ඇති අහිතකර ප‍්‍රතිවිපාක පිළිබඳ පැහැදිලි කරන ලදි. මෙවැනි අවස්ථාවක නැවත ආර්ථිකයේ ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීමට අවශ්‍ය ස්ථාවරකරණය සහ ව්‍යුහාත්මක ප‍්‍රතිසංස්කරණ පිළිබඳ අචාර්ය සරත් පතිරණ, ආචාර්ය අසංක විජේසිංහ ඇතුළු විද්වත් මණ්ඩලය අදහස් දක්වන ලදි.

දින දෙකක පුරා පැවති මෙම සම්මන්ත‍්‍රණයට ආර්ථික හා සමාජීය ප‍්‍රශ්න රාශියක් ආවරණය කිරීම සඳහා දේශීය හා ගෝලීය චින්තකයින් සහ ශාස්ත‍්‍රාලිකයින්ගෙන් සැඳුම්ලත් විශේෂඥ මණ්ඩල කිහිපයක් සහභාගී විය. බදුකරණය, රජය සතු ව්‍යවසායන්, සමාජ ආරක්ෂණ ජාල, වෙළඳ ප‍්‍රතිපත්ති සහ ඉඩම් ප‍්‍රතිපත්තිය වැනි ක්ෂේත‍්‍රවල වැදගත් ප‍්‍රතිසංස්කරණන් මෙහිදී ආවරණය විය. එම නිසා මෙවැනි තිරසාර ප‍්‍රතිසංස්කරණ සිදු කිරිම හරහා ශ‍්‍රි ලංකාව මේ මොහොතේ මුහුණ දෙමින් සිටින ආර්ථික හා සමාජීය අර්බුදයෙන් මිදි නැවත ශ්‍රී ලංකාව නගා සිටුවීමට හැකියාව ලැබෙනු ඇත. අපගේ සම්මන්ත‍්‍රණ පිළිබඳ වැඩි දුර තොරතුරු අපගේ වෙබ් අඩවිය මගින් ලබා ගත හැක. https://www.reformnow.advocata.org/

More articles

Latest article