29 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

සේවයෙන් විශ්‍රාම යන නීතිපති දප්පුල ද ලිවේරා මහතා අග්‍රාමාත්‍යවරයා හමුවෙයි

Must read

නීතිපති ධූරයෙන් විශ්‍රාම යන ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා අද (24) දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍යවරයා හමු වූයේ ය.

තමන් නීතිපති ධූරයෙන් විශ්‍රාම යන බව අග්‍රාමාත්‍යවරයා වෙත දැනුම් දුන් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා තම සේවා කාලය තුළ විශාල අපරාධ නඩු සංඛ්‍යාවක් අවසන් කිරීමට හැකි වූ බව පෙන්වා දුන්නේ ය.

මෙරට තීරණාත්මක නඩු කිහිපයකටම අදාළ ව කටයුතු කිරීමට මෙන් ම තවත් විශාල නඩු සංඛ්‍යාවකට මුලපිරීමට තම සේවා කාලය තුළ අවස්ථාව ලැබුණු බව ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා සඳහන් කළේ ය.
අග්‍රාමාත්‍යවරයා විසින් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතාගේ විශ්‍රාම දිවියට සුබ පැතුම් එක් කර ඇත.

More articles

Latest article