26 C
Colombo
සඳුදා, අප්‍රේල් 22, 2024

වනාතවිල්ලුව අවි ගබඩා නඩු විභාගයට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්

Must read

වනාතවිල්ලූව ප‍්‍රදේශයේ පුපුරණ ද්‍රව්‍ය ගබඩාවක් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් පාස්කු දින ප‍්‍රහාරයේ මහ මොළකරු බව කියන සහරාන් හෂීම් ඇතුළු හය දෙනකුට එරෙහි නඩුව විභාග කිරීම සඳහා ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත්කරන ලෙස නීතිපතිවරයා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටියේය.

මෙම විත්තිකරුවන් හය දෙනාට එරෙහිව ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත සහ ත‍්‍රස්තවාදයට මුදල් රැස්කිරීමේ පනත යටතේ නීතිපතිවරයා විසින් පුත්තලම මහාධිකරණය හමුවේ අධි චෝදනා මත නඩු පවරා ඇත.

එම නඩුව විභාග කිරීම සඳහා නීතිපති දප්පුල ද ලිවේරා මහතා අගවිනිසුරුවරයාගෙන් මෙම ඉල්ලීම කළ බව ඔහුගේ සම්බන්ධීකරණ නිලධාරිනිය සඳහන් කළාය.

More articles

Latest article