27.5 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

හිටපු අගවිනිසුරු මොහොන් පීරිස් ඉවත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවට පටහැනියි – අධිකරණ ඇමැති

Must read

හිටපු ජනාධිපති මෛත්‍රීපාල මහතා, හිටපු අගවිනිසුරු මොහොන් පීරිස් මහතා එම තනතුරින් ඉවත් කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවට සහ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම  පටහැනිව යැයි අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලිසබ්‍රි මවුලානා මහතා පවසයි.

අගවිනිසුරු ඉවත් කිරීම ජනාධිපතිවරයකු හිතෙන හිතෙන විධියට කළ නොහැකි බවත් එය කළ යුත්තේ පාර්ලිමේන්තුවේ ක්‍රියාවකින් පමණක් බවත් ඇමැතිවරයා කියා සිටියේය.

සිදුවූ එම වරද වහා නිවැරදි කළ යුතු බව කී සබ්‍රි මහතා අගමැතිවරයා සමග සාකච්ඡාකර ඒ සම්බන්ධයෙන්  පසු පියවර ගන්නා බව ද පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් 2013 වර්ෂයේ ජනවාරි 15 වැනි දා මොහාන් පීරිස් මහතා අගවිනිසුරු ධූරයට පත් කරනු ලැබූ බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 වර්ෂයේදී මොහොන් පීරිස් මහතා එම පත්වීම අවලංගු හා බලශූන්‍ය කළ බවත් ඇමැතිවරයා සඳහන් කරයි.

More articles

Latest article