27.5 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

අනුරාධපුර ව්‍යවසායකයින්ගේ මුල්‍ය ගැටලු නිරාකරණයට බැංකු සායනයක්

Must read

කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් සංවිධානය කරන ව්‍යවසායකයින් සඳහා මූල්‍ය පහසුකම් සැපයිමේ බැංකු සායන වැඩසටහන් 100ක් දිවයින පුරා පැවැත්විමට කටයුතු යොදා තිබෙනවා.

ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ මෙම වැඩසටහන් 5 ක් මධ්‍යස්ථාන 5 දි මේ දිනවල ක්‍රියාත්මක කෙරෙමින් පවතිනවා.

තවද ශ්‍රි ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශිය කාර්යාලයේ නිලධාරීන් සහ ලංකා බැංකුව, මහජන බැංකුව, ප්‍රාදේශිය සංවර්ධන බැංකුව, සණස සංවර්ධන බැංකුව, සමෘද්ධි බැංකුව, ග්‍රාමීය සංවර්ධන බැංකුව, යන බැංකු මගින් ව්‍යවසායකයින්ගේ මූල්‍ය ගැටලු නිරාකරණය කිරිම සඳහා ණය පහසුකම් ලබාදීමේ ක්‍රමවේද හා ඒ ආශ්‍රිත දැනුම ලබාදීම මෙහිදී සිදු වුණා.

More articles

Latest article