28 C
Colombo
අඟහරුවාදා, නොවැම්බර් 29, 2022

දේශපාලන පළිගැනීම් සොයා බැලීමේ කොමිෂන් සභාවට එරෙහිව අනුර කුමාර අභියාචනාධිකරණයට

Must read

දේශපාලන පළිගැනීම් සොයා බැලීමේ කොමිෂන් සභාව මගින් තමන්ට එරෙහිව කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීම අහෝසි කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතා අද (24) අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කළේය.‍

තමන්ට එරෙහිව කොමිෂන් සභාව කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත්, අදාළ නිර්දේශ බලශූන්‍ය කරන නියෝගයක් නිකුත් කරන ලෙසද අනුර කුමාර දිසානයක මහතා අධිකරණයෙන් ඉල්ලා සිටී.

මෙහි වගඋත්තරකරුවන් ලෙස දේශපාලන පලිගැනීමේ කොමිෂන් සභාවේ සභාපති උපාලි අබේරත්න , එහි සාමාජිකයන් වන චන්ද්‍රා ප්‍රනාන්දු , චන්ද්‍රා ජයතිලක , අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

More articles

Latest article