29 C
Colombo
සඳුදා, මැයි 27, 2024

වේගවත් සංවර්ධනයකට ප්‍රවේශයක් අය-වැය හෙට පාර්ලිමේන්තුවට

Must read

ජීවනෝපාය සංවර්ධනය සහ ජීවන වියදම අඩු කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය කිරීම තොරතුරු තාක්ෂණ දියුණුව ඇති කිරීම ප්‍රධාන සමාජ ආර්ථික දියුණුව ඇති කරලීමට ජවය සපයන වේගවත් සංවර්ධන ප්‍රවේශයක් ඉලක්ක කළ යෝජනා ඇතුළත් අය වැයක් මුදල් ඇමැති බැසිල් රෝහණ රාජපක්ෂ මහතා හෙට (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයෙහි සඳහන් කෘෂිකාර්මික කාර්මික හා සේවා අංශ තුනෙහි ඇති කරනු ලබන සුවිශේෂි වෙනස්කම් සහ පරිවර්තනයන්ට ඉඩ දෙමින් දැවැන්ත ආර්ථික සංවර්ධනයක් රටක් සහ ජාතියක් ලෙස ගොඩනඟා ගන්නා ආකාරය අය වැය යෝජනා තුළින් ඉදිරිපත් කිරීමට නියමිතය.

නිදහස් ශ්‍රී ලංකාවේ 75 වැනි අය වැය ලෙස මෙය හැඳින්වේ. කොවිඩ් 19 ගෝලීය වසංගතය හමුවේ බිඳ වැටී ඇති ව්‍යවසාය සහ ව්‍යාපාරික ක්ෂේත්‍ර නැවත බලගැන්වීම, නවීන ලොව තාක්ෂණික ක්‍රමවේදයන්ට බද්ධ වූ මානව සම්පතක් බිහි කිරීම, වඩාත් සුරක්ෂිත හරිත ලොවක් බිහි කිරීම අරමුණු කොට ගනිමින් මෙවර අය වැය හෙට (12) පස්වරු 1.30ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම‍ මුදල් ඇමැතිවරයා විසින් සිදු කරනු ඇත.

කොවිඩ් හමුවේ මෙරට ආනයන අපනයන පරතරය ඉහළ යෑම, කලක් තිස්සේ අය වැය පරතරය ඉහළ යෑම වැනි අයහපත් ආර්ථික ප්‍රතිඵලයන්ට තවදුරටත් ශ්‍රී ලංකාවට බාධා පැමිණවීමට ඉඩ නොතබමින් මූලිකව ආනයන අපනයන පරතරය අඩු කිරීම සහ අය වැය පරතරය අඩු කිරීම මෙවර අය වැයේ මූලික ඉලක්කය වී ඇත.

More articles

Latest article