27.5 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

මැණික් පතලක සිරවී පුද්ගලයින් දෙදෙනෙකු මරුට

Must read

අවිස්සාවේල්ල පොලිස් වසමේ වෙරලුපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මැණික් පතලක් තුළ සිරවීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බවට වාර්තා වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

ඊයේ (27) රාත්‍රී 7.00ට පමණ එම සිද්ධිය වාර්තා වී ඇත.

පැවැති වර්ෂාවත් සමග පතල තුළ විදුලිය විසන්ධි වී ඇති අතර ඒත් සමගම පතල තුළට ගොස් තිබූ දෙදෙනෙකු මෙම අනතුරට මුහුණ පා තිබේ.

පතල තුළ සිරවී මියගිය දෙදෙනාගේ සිරුරු මේ වනවිට අවිස්සාවේල්ල රෝහලේ තැන්පත්කර ඇති බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය. 

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එම පුද්ගලයින් දෙදෙනාගේ මියයෑම සිදුවූ ආකාරය සොයා පරීක්ෂණ සිදු කිරීමට නියමිත බවය. සිද්ධියෙන් මියගොස් ඇත්තේ 44 හැවිරිදි සහ 45 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.

More articles

Latest article