32 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

අයහපත් කාළගුණයෙන් 13,739කට පීඩා

Must read

නිරිතදිග මෝසම සක්‍රීය වීමත් සමඟ මන්නාරම කොළඹ හරහා පොතුවිල් දක්වා ගැඹුරු නොගැඹුරු මුහුදු තීරය තුළ පැයට කිලෝමීටර් 60ක හෝ 70ක තද සුළඟක් අපේක්ෂා කරන බව දක්වමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ. එම අවර මුහුදු තීරය ඉතා රළු විය හැකි බැවින් ධීවර හා නාවික ප්‍රජාව ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසීය.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු උතුරුමැද සහ වයඹ පළාත්වලත් විටින් විට පැයට කිලෝමීටර 50ක පමණ වේගවත් සුළං ඇති විය හැකි බව ඊයේ (05) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා කීය.පසුගිය දිනවල පැවති වර්ෂාපතන තත්ත්වය තරමක් අඩු වුවද උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලද වැසි වාර කිහිපයක් ඇති වන අතර බස්නාහිර වයඹ දකුණු පළාත්වල සහ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල තද වැසි ඇති විය හැකිය.නිරිත දිග මෝසම් තත්ත්වය සක්‍රීය තත්ත්වයේ පැවතුණ ද ලබන 10 හා 11 වන විට අඩු වීමක් අපේක්ෂා කළද මධ්‍යම කඳුකරය ආශ්‍රිතව සහ සබරගමුව, නුවර, නුවරඑළිය දිස්ත්‍රික්ක, මාතර හා ගාල්ල දිස්ත්‍රික්කවල නාය යෑම් සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙසද දැනුම් දෙයි. මේ අතර නිරිතදිග මෝසම සක්‍රීය වීමත් සමඟ ඇති වූ ආපදාකාරි තත්ත්වය නිසා පවුල් 3,471කට අයත් පුද්ගලයන් 13,739ක් පීඩාවට පත්ව ඇති අතර, පුද්ගලයන් පස් දෙනෙක් මරණයට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දැනුම්වත් කිරීම පිළිබඳ අධ්‍යක්ෂ සුගත් දිසානායක මහතා පැවසීය.

රටේ පවතින ආපදාකාරි වාතාවරණය සම්බන්ධයෙන් ඊයේ (05) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා සඳහන් කළේ දිස්ත්‍රික්ක 10කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 65කට මේ ආපදා තත්ත්වය බලපා ඇති බවයි.ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 දුරකතන අංකය පැය 24 පුරාම විවෘතව තිබෙන බැවින් ඕනෑම ආපදාවක් සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමට කටයුතු කළ හැකි අතර, හදිසි මෙහෙයුම් අංශය පැය 24 පුරාම රට පුරා ආපදාවට පත් වන පුද්ගලයන්ට සහාය දීමට සීරුවෙන් තබා ඇත.ඕනෑම ආපදා අවස්ථාවකදී නිලධාරීන් දෙන උපදෙස් අනුගමනය කිරීමට කටයුතු කළ යුතුයි. විශේෂයෙන් ගංවතුර හෝ නායයෑම සිදු වූ අවස්ථාවලදී එම ස්ථාන නැරඹීමට යෑමෙන් වැළකී සිටිය යුතුයි.

More articles

Latest article