28 C
Colombo
බදාදා, මැයි 31, 2023

බ්‍රිතාන්‍ය ජාතික තරුණිය සොයා විමර්ශන අරඹයි

Must read

වීසා අවලංගු කර සිටින බ්‍රිතාන්‍ය ජාතික Kayleigh Fraser සොයා විමර්ශන ආරම්භ කර ඇති බව ආගමන විමගමන දෙපාර්තමේන්තුව පවසයි.

එහි ප්‍රකාශකයෙකු සදහන් කළේ රැඳී සිටි ස්ථානයෙන් ඇය මේ වන විට නික්ම ගොස් ඇති බවය.

ගාලුමුවදොර විරෝධතාවය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයන් සිදුකළ අදාළ කාන්තාවගේ වීසා බලපත්‍රය අවලංකු කර ඇති බවත් අගෝස්තු 15 වන දිනට පෙර රටින් පිටවන ලෙසත් ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම් දී තිබුණි.

කෙසේවෙතත් ආගමන විගමන දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණය බල රහිත කරන ලෙසට නියෝගයක් ඉල්ලා කෙයිලි ෆෙසර් අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් කළ අතර එය ප්‍රතික්ෂේප කිරිමට අධිකරණය පියවර ගනු ලැබීය.

ඒ අනුව ඇයට මෙරටින් පිටුවහල් වන ලෙස දැනුම් දී තිබුණ ද ආගමන විගමන දෙපාර්තමේන්තුව සදහන් කළේ මෙතෙක් ඇය රටින් පිටුවහල් වී නොමැති බවය.

ආගමන විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ නීතිවිරෝධී ලෙස අදාළ තරුණිය මේ වනවිට මෙරට රැඳී සිටින අතර ඇය සිය භාරයට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටින බවය.

More articles

Latest article