33 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

මඩකලපුව දිස්ත්‍රික් කොම්පෝස්ට් පොහොර පර්යේෂණාගාරය විවෘත වෙයි

Must read

නැගෙනහිර පලාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කරන ලද “තිරසර කෘෂි සංස්කෘතිය කාබනික කෘෂිකර්ම ව්‍යාපෘතිය” යටතේ පලාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ස්ථාපනය කරන ලද මඩකලපුව දිස්ත්‍රික් කොම්පෝස්ට් පොහොර පරේෂණාගාරය (30) දහවල් ආණ්ඩුකාරවරිය අතින් විවෘත කෙරිණ.

ඒ සඳහා වියදම් කල මුදල රුපියල් මිලියන පහලවකි.

පලාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් කරඩියනාරු ප්‍රදේශයේ පිහිටි සේවා සංස්කරණය අභ්‍යාස ආයතනයේ මෙම නව පරේෂණාගාරය පිහිටා තිබේ.
මෙම ආයතනය මගින් කොම්පොස්ට් වලට අදාළ පරේෂණ වර්ග 10ක් සිදුකරන අතර එම වාර්තා සති තුනක් ඇතුලත ලබාදීමට කටයුතු කෙරේ.
ඉදිරියේදී ත්‍රිකුණාමලය සහ අම්පාර යන දිස්ත්‍රික් වලද මෙම පරේෂණාගාර ඉදිකිරීමට නියමිතය.

මේ අවස්ථාවට පලාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් අයි.ජී.කේ.මුතුබණ්ඩා,ආණ්ඩුකාර ලේකම් එල්.පී.මදනායක,පලාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ආචාර්ය හුසේන් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

More articles

Latest article