28 C
Colombo
සඳුදා, අප්‍රේල් 22, 2024

අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම ගැන සොයන්න කමිටුවක්

Must read

අය වැය මගින් යෝජිත ව්‍යාපෘති සහ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ ව්‍යාපෘති කාර්යාල මෙන්ම ව්‍යාපෘති කළමනාකරණ ඒකක සමාලෝචනය සදහා විශේෂ කමිටුවක් පත් කර ඇත.

සැප්තැම්බර් 02 වනදා පාර්ලිමේන්තුවේ දී සම්මත වූ 2022 අතුරු අය වැය හි 10.5 යෝජනාවට අදාළ රජයේ විවිධ ව්‍යාපෘති සහ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට හෝ ඒ සඳහා පහසුකම් සැලසීමට ස්ථාපිත කරන ලද ව්‍යාපෘති කාර්යාල සහ ව්‍යාපෘති කළමනාකරණ ඒකක සමාලෝචනය සඳහා කමිටුවක් පත් කර තිබේ.

කේ.ටී. කමල් පද්මසිරි මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස එන්.කේ.ජී.කේ. නෙම්මවත්ත, ආර්.එච්. රුවිනිස් යන මහත්වරු පත් කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් අතුරු අය වැය යෝජනා ක්‍රියාවට නැංවීමේ කඩිනම් පියවරක් ලෙස මෙම කමිටුව පත් කර තිබේ.

විවිධ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ රාජ්‍ය ආයතන,

• මේ වන විට ක්‍රියාත්මක කොට ඇති ව්‍යාපෘති කාර්යාල සහ ව්‍යාපෘති කළමනාකරණ ඒකක මගින් අපේක්ෂිත කාර්යභාරය ඉටු කිරීමට සමත් වී ඇත්ද ?

• ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම පවතින රේඛීය අමාත්‍යාංශවලට සිදු කළ හැකි ද ?

• එම අමාත්‍යාංශ දැනට සිදුකරනු ලබන කාර්යයේ ස්වභාවය අනුව එම ව්‍යාපෘති කාර්යාල හෝ ව්‍යාපෘති කළමනාකරණ ඒකක අඛණ්ඩව පවත්වාගත යුතු ද ?

• එම ව්‍යාපෘති සඳහා අනුමත සේවක සංයුතියට පරිභාහිරව සේවක බඳවා ගැනීම් සිදුකර තිබේ ද ? යන්න ඇතුළුව විධිමත් මහජන සේවාවක් සහ සංවර්ධන ඉලක්ක ඉටු කර ගැනීම වෙනුවෙන් බලපාන අනෙකුත් සාධක හා ආශ්‍රිත කරුණු තිබේ නම් ඒ පිළිබඳවත් මෙම කමිටුව විසින් විශේෂ අධ්‍යයනයක් සිදු කළ යුතු වේ.

කමිටුවේ නිර්දේශ ඇතුළත් වාර්තාව 2022-11-15 දිනට පෙර ඉදිරිපත් කිරීමට නියමිතය.

More articles

Latest article