28.8 C
Colombo
ඉරිදා, මැයි 26, 2024

බැසිල් රාජපක්ෂ ඇමැතිකමින් ඉවත් කරන්නැයි ඉල්ලා උලපනේ සුමංගල හිමිගෙන් පෙත්සමක්

Must read

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස සහ මුදල් ඇමැතිවරයා ලෙස පත් වීම, දිව්රුම්දීම සහ ධුරයෙහි කටයුතු කිරීම බල රහිත කරන නියෝග නිකුත් ලෙස ඉල්ලා උලපනේ සුමංගල හිමියන් ඇතුළු තිදෙනකු අභියාචනාධිකරණයට ඊයේ (5) රිට් පෙත්සමක් ගොනු කළහ.

අමෙරිකානු නීතිය යටතේ එරට පුරවැසිභාවයට පළමුව දිව්රුම් දී ඇති බැසිල් රාජපක්ෂ මහතා මෙරට නීතිය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් හා ඇමැති ධුරයක් දැරීමට සුදුසු අයකු නොවන බව පෙත්සමෙහි සඳහන් වේ.

නරාහේන්පිට ධර්මායතන විහාරයේ උලපනේ සුමංගල හිමියන්, බරපතළ වංචා හා දූෂණ සොයා බැලූ ජනාධිපති කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා මහතා සහ නීතිඥ සුරාජ් වල්ගම මෙහි පෙත්සම්කරුවෝ වෙති. ඇමැති බැසිල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සහ නීතිපතිවරයා මෙහි වගඋත්තරකරුවෝ වෙති.

බැසිල් රාජපක්ෂ මහතා පුරවැසියකු ලෙස ඔහුගේ පළමු දිවුරුම අමෙරිකාවේදී එම නීතිය යටතේ ගෙන ඇති බව පෙත්සමෙහි සඳහන් වේ.

More articles

Latest article