28.8 C
Colombo
ඉරිදා, මැයි 26, 2024

අයවැය ඉතිහාසයේ ප්‍රථම වරට වැඩිම පිරිසකගේ දායකත්වය මෙවර

Must read

2022 අයවැය ලේඛණය සම්පාදනයේදී මෙරට අයවැය ඉතිහාසයේ ප්‍රථම වරට වැඩිම පිරිසකගේ හා ආයතනවල දායකත්වය ලබා ගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ මඟපෙන්වීම හා මුදල් අමාත්‍යාංශයේ සෘජු මැදිහත්වීමෙන් ආයතන,සංවිධාන හා පුද්ගලයෝ විශාල සංඛ්‍යාවක් අයවැය සැකසීමේ දී යෝජනා සහ අදහස් උදහස් ඉදිරිපත් කර ඇත.

කොවිඩ් වසංගතය හමුවේ ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ආර්ථිකය ඉමහත් පීඩනයක් ඇති වු කාලයක අභියෝග සාර්ථකව ජය ගැනීමට හැකි ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම උදෙසා වන අයවැයක් සම්පාදනය කිරීම මුදල් අමාත්‍යවරයාගේ අදහස වී ඇත

අමාත්‍යවරුවරුන් ,පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ,අමාත්‍යාංශ ලේකම්වරු මෙන්ම වෙළඳ ව්‍යාපාරිකයන්,තරුණ සංවිධාන ,ධීවර අංශ ආදී විවිධ ක්ෂ්ත්‍ර නියෝජනය කරමින් අංශ 102 ක කාණ්ඩායමක් 2022 අයවැය ලේඛණ සැකසීම සහභාගී වීම විශේෂත්වයකි

More articles

Latest article