26 C
Colombo
බදාදා, අප්‍රේල් 24, 2024

බැසිල් රාජපක්ෂ දළදා සමිඳුන් වැඳ පළාත් පාලන මැතිවරණයට වැඩ අරඹයි

Must read

පළාත් පාලන මැතිවරණය කල් නොයනු ඇතැයි විශ්වාස කර මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (24) පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කිරීම නිමිත්තෙන් දළදා සමිඳුන් වැඳපුදා ගැනීම සඳහා මහනුවරට ඊයේ (24) පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේය. නාමයෝජනා පවා කල් යනු ඇතැයි ඇතැමුන් ප්‍රකාශ කළත් එය එසේ නොවුණු බවද ඒ මහතා මෙහිදී කීය.

මෙවර පළාත් පාලන මැතිවරණයේදී පොහොට්ටුව පළාත් පාලන ආයතන 252ක් සඳහා තනිව තරග කරන බවත් තවත් කිහිපයකට වෙනත් පක්ෂ සමඟ සන්ධානගතව තරග කරන බවත් රාජපක්ෂ මහතා අවධාරණය කළේය. යාපනයට වීණාව ලකුණෙන්ද, මඩකළපුවට බෝට්ටුව ලකුණෙන්ද තරග කරන්නේ යැයි හෙතෙම පැවසුවේය. පක්ෂවලට අලුත් අය එකතු වෙන්නා සේම පක්ෂවල සිටින අය ඉවත්ව යෑම දේශපාලනයේ ස්වරූපය බවත් එවැනි අවස්ථාවල මතු වන අභියෝග ජය ගැනීමට හැකියාව තිබිය යුතු බවත් ඒ මහතා ප්‍රකාශ කළේය. රට පත්ව තිබෙන අර්බුදකාරී තත්ත්වයට නිදහසින් පසු ගෙවුණු 74 වසර තුළ රට පාලනය කළ සියලු පක්ෂ වගකිව යුතු බවට විවේචන එල්ල වන බවත් එම කාලයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ රට පාලනය කළේ වසර කිහිපයක් පමණක් බවත් රාජපක්ෂ මහතා කීය.

More articles

Latest article