26 C
Colombo
බදාදා, අප්‍රේල් 24, 2024

බසයක් පෙරළී ගිනිගෙන 40ක් මරුට

Must read

පාකිස්ථානයේ බස් රථයක් පෙරළී ගින්නට හසුවීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 40 දෙනෙකු මිය ගොස් ඇත.

පාකිස්තානයේ නිරත දිග ප්‍රදේශයේ මාර්ගයක තිබූ පාලමකින් බස් රථය පෙරලීමෙන් අනතුරුව ගිනි ගැනීමට ලක් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මියගිය පුද්ගලයින්ගේ සිරුරු හදුනාගැනීමට නොහැකි වන පරිද්දෙන් පිළිස්සී ගොස් තිබේ. එබැවින් එම සිරුරු කරච්චි වෙත ගෙන ගොස් ඩීඑන්ඒ පරීක‍ෂණ සිදුකිරීමෙන් අනතුරුව හදුනා ගත හැකි වුවහොත් ඥාතීන් වෙත බාර දීමට නියමිත බව වාර්තාවේ.

අනතුර සිදුවන අවස්ථාවේ මගීන් 48දෙනෙකු බස් රථයේ ගමන්කර ඇති අතර ඉන් තිදෙනෙකු මේ වන විට බේරාගෙන ඇති බව පාකිස්ථානු බලධාරින් ප්‍රකාශ කර ඇත.

අධික වේගයෙන් පැමිණ ඇති බසය පාලමක තිබූ බාධකයක වැඳී මාර්ගයෙන් ඉවතට පැනීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

More articles

Latest article