33 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

පාකිස්තානයේ පිපිරීමෙන් මියගිය ගණන ඉහළට

Must read

පාකිස්තානයේ පේෂාවර් නගරයේ මුස්ලිම් දේවස්ථානයකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 95 දක්වා ඉහළ ගොස් තිබේ.

ප්‍රහාරයෙන් පුද්ගලයින් 157 දෙනෙකු තුවාල ලබා ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

අදාළ දේවස්ථානයේ පොලිස් නිලධාරීන් පිරිසක් යාඥා කරමින් සිටි අවස්ථාවේ මෙම ප්‍රහාරය එල්ල වී ඇත.

පාකිස්තානය ආරක්ෂා කිරීමේ රාජකාරී කටයුතුවල නිරත වන පුද්ගලයින් බිය ගැන්වීමේ අරමුණින් ත්‍රස්තවාදීන් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ශරීෆ් ප්‍රකාශ කර තිබේ.

පිපිරීම සිදු වන විට පොලිස් නිලධාරීන් 300 ත් 400 ත් අතර පිරිසක් ප්‍රදේශයේ සිටි බව පෙෂාවර් පොලිස් ප්‍රධානී මුහම්මද් ඉජාස් ඛාන් මාධ්‍ය වෙත පැවසීය.

මෙම දේවස්ථානය පිහිටා ඇත්තේ නගරයේ වඩාත් දැඩි ලෙස පාලනය වන ප්‍රදේශයක වන අතර එයට පොලිස් මූලස්ථානය සහ බුද්ධි අංශ සහ ත්‍රස්ත මර්දන කාර්යාංශය ඇතුළත් වේ.

මේවන විට පේෂාවර් නගරයේ ආරක්ෂාව දැඩි කිරීමට ද පියවර ගෙන ඇති බව වාර්තාවේ.

More articles

Latest article