30 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

බ්‍රිතාන්‍යයේ මිලියන භාගයක ජනතාව මහපාරේ

Must read

දශකයකට වැඩි කාලයකට පසු බ්‍රිතාන්‍යයේ විශාලතම වැඩ වර්ජනය පෙරේදා ලන්ඩන් නුවර පැවැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දිනෙන් දින ඉහළ යන උද්ධමනයට සාපේක්ෂව වැටුප් වර්ධකයක් ඉල්ලා රජයට බල කිරීමට මේ වැඩවර්ජනය පැවැති බවත්, ඒ සඳහා ලක්ෂ 5කට අධික ජනතාවක් එක්රොක් වූ බවත් වැඩිදුරටත් වාර්තා වේ.

ගුරුවරුන්, සිවිල් සේවකයන්, දුම්රිය රියැදුරන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ තවත් වෘත්තිකයන් අතිවිශාල පිරිසක් මේ වැඩවර්ජනයට එක්වීම හේතුවෙන් එරට ජන ජීවිතය මුළුමනින්ම අඩාළ වූ බව ද වැඩිදුරටත් වාර්තා වේ. සියලු ප්‍රධාන මාර්ග අවහිර කරමින් පැවැති වැඩවර්ජනයට සහාය පළ කිරීමට මාර්ගයේ ගමන්ගත් මෝටර් රථ නළා ශබ්ද කළ බවත්, වැඩවර්ජනය හේතුවෙන් එදින පාසල් අධ්‍යාපනය 80% කින් පමණ බිඳවැටුණු බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය. පාසල් 23,000ක් පමණ වසා දැමීමට ද අධ්‍යාපන බලධාරීන්ට සිදුවී ඇතැයි ද කියැවේ.

අඛණ්ඩව පැවැත්වෙන මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට අනුව ලබන 6 වැනිදා එරට හෙද සේවයේ නිරත සේවක සේවිකාවන් තුන්වැනි වටයේ වැඩ වර්ජනය ආරම්භ කිරීමට නියමිත බව ද වැඩිදුරටත් වාර්තා වේ.

More articles

Latest article