29 C
Colombo
සඳුදා, මැයි 27, 2024

බෙල්ලන්විල අත්තිඩිය අභය භූමියේ දී දුර්ලභ පැල වර්ග 100 ක් රෝපණය කෙරේ

Must read

පසුගිය 15 වන දිනට යෙදී තිබුනු ජාතික පරිසර දිනය නිමිත්තනේ බෙල්ලන්විල අත්තිඩිය අභය භූමියේ දී දුර්ලභ පැල වර්ග 100 ක් සිටුවීමේ වැඩ සටහනක් කොළඹ විශාඛා විද්‍යාලයේ පරිසර කේන්ද්‍රයේ මූලිකත්වයෙන් පැවැත්වුණු අතර, එහිදී පළමු පැලය රෝපණය කිරීම විශාඛා විද්‍යාලීය පරිසර කේන්ද්‍රයේ සභාපතිනී සෙයාරා රාජපක්ෂ විදානගමගේ සිසුවිය අතින් සිදු කෙරිණ.

එදින පැවැති පැල සිටුවීමේ වැඩසටහනේ දී ලෝකයේ ඉතාමත් දුර්ලභ ශාක වර්ගයක් වන පඬු කරද පැල 05 ක් ඇතුළත් දුර්ලභ පැළ වර්ග 100 ක් සිටුවීම සිදු කෙරිණ.

පරිසරය ආරක්ෂා කිරීම අරමුණු කරගනිමින් විශාඛා විද්‍යාලීය පරිසර කේන්ද්‍රය දියත් කළ මෙම ජාතික පැල සිටුවීමේ ව්‍යාපාරයට මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්. අමරසිංහ, වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර, දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නගරාධිපති ස්ටැන්ලි ඩයන් ඇතුළු පරිසර හිතකාමී ආරාධිත අමුත්තන් රැසක් සහභාගී වී සිටියහ.

More articles

Latest article